ගුරුකන්ද කෝවිලේ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරයි


(රොමේෂ් මධුෂංක)
 

අපවත් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය  ගුරුකන්ද විහාරයට රැගෙන ඒම වළක්වාලන්නැයි  එහි පිහිටි කෝවිලේ පිරිසක් කළ පැමිණිල්ල  මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
 

විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට රැගෙන පැමිණියහොත්  කෝවිලේ කටයුතුවලට බාධා ඇතිවන බව පවසමින්  එය වළකාලන්නැයි  විහාර භූමියේ පිහිටි නිරාවිපුල්ලයාර් කෝවිලේ පිරිසක් මූලතිව් පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
 
එම පැමිණිල්ල  මුලතිව් පොලීසිය විසින්  මුලතිව් අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව  මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර  තිබේ.
 
විහාරාධිපති හිමියෝ  හදිසි රෝගී තත්ත්වයකින්  පසුගියදා  මහරගම අපේක්ෂා රෝහලේදී  අපවත් වූහ.

අද අලුයම විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරස්ථානයට රැගෙන ගොස් ඇති අතර  හෙට (23) වැනිදා  සඳුදා පස්වරු 2.00 ට  රජ මහා විහාරස්ථාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.