ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා කැබිනට් මණ්ඩලයට අද


(අජන්ත කුමාර අගලකඩ)

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් සංදේශය අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් සංදේශයක් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් ඉකුත් සතියේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය සාකච්ඡා කිරීම සඳහා සතියක් කල් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇත .

ඒ අනුව අදාළ කැබිනට් සංදේශය අද කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡාවට ගැනෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කළේය .

මෙම කැබිනට් සංදේශය සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ගුරු සංගම් සමඟ ඉකුත් සතියේ පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබිණි

විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු සංගම් ඔන්ලයින් වර්ජනයක් ආරම්භ කර ඇති අතර ,සිය ඉල්ලීම් ලබාදෙන තෙක් වර්ජනය දිගටම කරගෙන යන බවඑම සංගම් ප්‍රකාශ කර ඇත