(රංජන් කස්තුරි)
වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා අලුතින් ගුරුවරුන් 5000ක් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එම ගුරුවරුන් බඳවා ගැනීම සඳහා මේ වනවිට මුදල් වෙන්කර ඇති බවද ඇමතිවරයා කීය.
2017 වසරේ සිට ක්‍රියාත්මක උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ අලුතින් විෂයන් 26ක් හඳුන්වා දී තිබෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
වෘත්තීය විෂය හදාරන සිසුන් රැකියාගත පුහුණුව ලබන අවස්ථාවේ ඔවුන්ට දෛනිකව රුපියල් 500 දීමනාවක් ලබාදෙන බවද අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.

