ගුරු සංගමේ ඔක්තෝබර් විරෝධයට සැරසේ


ඔක්තෝබර් 6 දා ගුරු දිනයට  සමගාමිව දිවයින පුරා සිටින සියළුම ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට  කැඳවා විරෝධතා ව්‍යාපාරයක් අරඹන බව  ලංකා ගුරු සංගමය කියයි.

ගුරු හිඟය ,වැටුප් නොගෙවීම, ක්‍රමවත්  ගුරු මාරු ක්‍රමයක් ක්‍රියාත්මක නොකිරිම, මෙම විරෝධතාවයට බලපාන අතර ඉදිරි මැතිවරණයේ දී කවුරුන්  බලයට  පත් වුවත් මෙම විරෝධතා ව්‍යාපාරය ගෙන යන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.