ගුරු සංගම් උද්ඝෝෂණයෙන් ඉසුරුපායේ කළබලයක්


(ජයමාල් චන්ද්‍රසිරි)

 ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්  ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට  මේ වන විට ගුරු සංගම් කිහිපයක් එක්ව උද්ඝෝෂණයක් අරඹා තිබේ.

බුද්ධදාස ක්‍රිඩාංගණය අසළින් ඇරැඹි උද්ඝෝෂණය  මේ වන විට  අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවැත්වෙන අතර ගුරු සංගම් දෙකක් එකිනෙකට විරුද්ධ මත පළ කිරීම සහ සිය ඉල්ලීම් පිළිබඳව  කරුණු  ඉදිරිපත් කිරීම නිසා මේ වන විට උද්ඝෝෂකයින් අතර  උණුසුම් තත්ත්වයත් මතු  වී ඇත.

මේ හේතුවෙන්  කොට්ටාව , පැලවත්ත  මාර්ග අංක  174 හි වාහන ගමනා ගමනය මුළු මනින්ම නැවතී ඇති අතර දැඩි  රථවාහන තද බදයක්ද පවතී.අවට ආරක්ෂාව  වෙනුවෙන් පොලීසිය හා කැරලි මර්දන ඒකකය යොදවා  තිබේ.

ඡායාරූප සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න

https://tinyurl.com/yc8scbqz