(උපාලි ආනන්ද)
ගිණුමිකරණය හා ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට තමාගේ නිවසට පැමිණි අනුරාධපුර නගරයේ ප‍්‍රධාන පාසලක සිසුවියකට(18) ලිංගික අතවර සිදු කිරීමට තැත් කළැයි ගොවි ජන සංවර්ධන ප‍්‍රාදේශීය නිලධාරියකු හෙට(9) දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද(8) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර 3 වැනි පියවර ජයසිරිපුර අංක 3185/55 ලිපිනයේ පදිංචි පත්තම්පෙරුම ආරචිචිගේ සුසිල් රාජ් අමරසිරි නමැති ගොවිජන සංවර්ධන ප‍්‍රාදේශීය නිලධාරියෙකි.
මෙම සැකකරු විසින් සිය නිවසේ පවත්වා ගෙන යනු උපකාර පංතියකට සිසුවිය පැමිණ ඇති අතර සිද්ධිය වූ දිනයේ සැකකරුගේ බිරිඳ සහ දරුවන් නිවසේ නොසිටි අවස්ථාවක සිසුවියට මෙලෙස අතවර කිරීමට තැත් කර ඇති බව පොලිස් විමර්ශනවලදි හෙළිවී ඇත.

