ගුරු විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර


(ළහිරු හර්ෂණ සහ ගයාන් සූරියආරච්චි)

ගුරු විදුහල්පතිවරුන් ගේ විරෝධයට මිට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර ද කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය. මේ හේතුවෙන් කොටුව අවට තද වාහන තදබදක් පවතී


විරෝධතාවෙන් කොටුව කලබලයි

2024-06-26
12:21 pm

(ළහිරු හර්ෂණ)

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් විරෝධතාවයේ නිරත ගුරු විදුහල්පතිවරු පොලිස් බැරියර් කඩාගෙන ලෝටර් පාර දෙසට ගමන් කරන බව වාර්තා වේ.

මේ හේතුවෙන් පිටකොටුව සහ ඕල්කොට් මාවත සහ අවට මාර්ග වල දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි. 

විරෝධතාවය හේතුවෙන් ලෝටස් මාර්ගය වසා දැමූ බව පොලිසිය සඳහන් කරයි.


ගුරු - විදුහල්පති කොටුවේ විරෝධයක

2024-06-26
11:57 am

ඉල්ලීම් කීපයක් මුල්කරග ගනිමින්  ගුරු - විදුහල්පතිවරු කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධයක් ආරම්භ කර ඇත.

මේ හේතුවෙන් කොටුව අවට සුළු වාහන තදබදයක් ඇතැයි පොලිසිය පවසයි. 

5000කට ආසන්න පිරිසක් මෙම විරෝධයට එක්ව සිටිතියි අප වාර්තාකාරවෝ පවසති.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)