(මනෝජ් හර්ෂික)
ගුරු - විදුහල්පති සේවාවන්ට පවතින වැටුප් විෂමතා සහ ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති 34ක් ඒකාබද්ධව මැයි මස 9 සහ 10 පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම සංගම් කියයි.
රටේ උද්ගතව ඇති කලබලකාරී වතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගම් වැඩිදුරටත් සඳහන් කරයි.

