ගුරු වර්ජනය සාර්ථක යැයි සංගම් කියයි


  (නිමල කොඩිතුවක්කු)

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව කියමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැරදි අයුරින් පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පා ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති රැසක් එක්ව අද(4)  ක‍්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය අති සාර්ථක බවත් සියලූම පාසල් වල සියයට 90කට වැඩි ප‍්‍රතිශතයකින් වර්ජනය සදහා දායකත්වය ලැබී තිබු බවත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ උපසභාපති නීල් අතුකෝරල මහතා අද(04) පැවසීය.


මෙම ගැටලූවට දින 14ක් තුළ විසඳුමක්  නොලැබුනහොත් අගෝස්තු මාසයේ සිට ජාතික විභාග රාජකාරී වලින් ඉවත්විමට තීරණය කර ඇති බවද ඔහු කියා සිටියේය.
අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව කොළඹ පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීල් අතුකෝරල මහතා මෙසේද කීවේය.


   ‘‘අධ්‍යාපන ඇමතිතුමා ප‍්‍රමුඛව වර්තමාන ආන්ඩුව  අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සේවා ව්‍යවස්ථාව උල්ලංගණය කරමින් දේශපාලන පලිගැනීම්  ලේබලය යටතේ දහසකට අධික පිරිසක් සදහා  විවිධ උසස් විම් සහ  පත්වීම් ලබාදිම සදහා  දැවැන්ත වැඩපිලිවලක් මේ වන විට ක‍්‍රියාත්මක කරලා තියෙනවා.


එයට විරෝධය පල කරමින් සමස්ථ අධ්‍යාපන පද්ධතිය නියෝජනය කරන ශ‍්‍රි  ලංකා අධ්‍යාපන පරිපාලන සේවය,  ශ‍්‍රි ලංකා  ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා ගුරු සේවයට අදාල සියලූම  වෘත්තීය සමිති එක්ව තම සේවා වලට වාර්ථා නොකර අධ්‍යාපන  අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂනයක නිරත වුනා.


මේ  වැඩ වර්ජනය සහ උද්ඝෝෂණය ඉතාම සාර්ථකයි. අධ්‍යාපන අමාත්‍යවරයා සහ ඔහුගේ සුවච  කීකරු නිළධාරින් කිහිප දෙනෙක් පමනක් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අසාර්ථකයි කියන්න  විවිධ බොරු ප‍්‍රචාර රාජ්‍ය  මාධ්‍ය මගින් කරනවා. මෙය ඉතා  කණගාටුවෙන් යුතුව අපි හෙළා දකිනවා.


අද කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ  සහ කුළියාපිටිය අධ්‍යාපන  කළාපයේ සියලූම පාසල් වහලා. අධ්‍යාපන කාර්යාලවහලා. දරුවො පාසල්  ඇවිත් නැහැ. ඒ වගේම දිවයින පුරා සියලූම පාසල් වල අද ගුරුවරු විදුහල්පතිවරු ඇවිත් නැහැ. ඒ නිසා අද වැඩ වර්ජනය සියයට 90කින් සාර්ථකයි.