ගුරු පුද දෙති සරසවි පුත්තු


කොළඹ විශ්ව විද්‍යාලයයේ 1965 විද්‍යාර්ථීන්ගේ කණ්ඩායමේ 50 වැනි සංවත්සරය සැමරීමේ සුහද හමුව හා එකල තමන්ට ඉගැන්වූ ආචාර්යවරුන්ට උපහාර පිදීම පසුගියදා ගල්කිස්ස හෝටල් පාරේ පිහිටි බර්ජයා හෝටලයේ දී පැවැත් විණි.

කොළඹ විශ්ව විද්‍යාලයයේ 60 දශකයේ විද්‍යාර්ථීන්ගේ එකමුතුව මගින් සංවිධානය කරනු ලැබූ මෙම සුහද හමුවට හා ගුරු උපහාර උළෙලට විද්‍යාර්ථීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී මහාචාර්ය ඒ. ඩී. වී. ද එස් ඉන්ද්‍රරත්න, මහාචාර්ය කේ. යූ. සිරිනන්ද, මහාචාර්ය අනුර වික‍්‍රමසිංහ, මහාචාර්ය හිරාන් ඩී. ඩයස්, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය ඉන්ද්‍රානි මුණසිංහ, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සී.එම්. මද්දුමබණ්ඩාර, මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි, මහාචාර්ය ජී. වී. පී. සෝමරත්න සහ ආචාර්ය එච්. එම්. එම්. බී. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ට උපහාර තිළිණ ප‍්‍රදානය කරනු ලැබූහ.

Lankapura_20151081 Lankapura_20151082 Lankapura_20151083