කැලණිය විශ්ව විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය අද සියලු ඉගැන්වීම් කටයුතු වලින් බැහැර වූ බව විශ්ව විද්‍යාල ආරංචි කියයි.
ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ වෘත්තීය නිදහසට හා ගෞරවයට හානිවන අයුරින් වර්ධනය වන ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලට විරෝධය පළ කිරීමක් ලෙස මෙසේ වැඩවර්ජනයක නිරත වන බව ඔවුන්ගේ නිවේදනයක සඳහන් වේ.



