ගුරා හිරේ


14 හැවිරිදි පාසල් සිසුවකු අපයෝජනය කළ හිටපු පාසල් ගුරුවරයකු වන හොරිවිල ගුණතිලකගේ සඳරුවන් සේනානායකට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

 පාසල් සිසුවාට රුපියල් එක්ලක්ෂ පනස් දහසක වන්දියන් ගෙවන ලෙස ද නියෝග කැරිණි. වන්දි නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඩුවමක් ද නියම විය.  

 2006 ජූලි 15 වැනි දා ඔහු සිසුවා අපයෝජනය කළ බව අධිකරණයේ දී කියැවිණි.