හෝමාගම ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සංගීත ගුරුවරියට සංගීත කාමරය තුළදී ලිංගික අතවර කළැයි කියන එම පාසලේම ගුරුවරයකු පිරිසකගේ පහර කෑමට ලක්ව රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.
සංගීත ගුරුවරියගේ සැමියා ඇතුළු පිරිසක් තමාට පහරදුන් බවට ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
මෙම ගුරුවරයා මීට පෙර අවස්ථාවලදීද පාසලේ ගුරුවරියන්ට කරදර සිදුකළ බවට එම විදුහලේ විදුහල්පති පොලිසියට ප්‍රකාශ කළ බවත් පොලිසිය පවසයි.
මෙම ගුරුවරයා මාගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද කියති.

