ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හරියි


(බී.ජානක)

පොලිස් නිලධාරියකුට බැන තර්ජනය කිරීම  සහ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි  නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස  අධිකරණයට බාර වීමෙන් පසු  රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි ගුණරත්න වන්නිනායක මහතා, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමග අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණීමෙන් අනතුරුව මෙම නිතී කෘත්‍ය කැඳවනු ලැබීය.

ඇප කොන්දේසි ලෙස සැකකරුට බලපෑම් කිරීම සහ හෙට උදෑසන 9.00 බස්නාහිර දිසාව අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ කොන්දේසි වශයෙන් මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර ඇප කොන්දේසි කැඩුවොත් ඇප අවංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැන්වීය.