ගුණතිලක - කරන්නාගොඩ ඉහළම තනතුරු ලබති


විශ්‍රාමික  ගුවන්  හමුදාපති  එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා  ගුවන් හමුදාවේ මාර්ෂල් වරයා (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්)  ලෙස  උසස් කරනු ලැබ ඇත.
 

මෙම තනතුර  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  මෙම පන්තියේ පළමු තනතුර වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාර්ෂල්වරයා ලෙස පත් වු පළමු නිලධාරීයා වන්නේ ද  රෝෂාන් ගුණතිලක මහතාය.
 
විශ්‍රාමික නාවික හමුදාපති  වසන්ත කරන්නාගොඩ  මහතා තරු පහේ අද්මිරාල්වරයකු (අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්) ලෙස  උසස් කරනු ලැබ තිබේ. 
 
මෙම තනතුර ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමුවැනි තරු 5 තනතුරක් සහා  උසස්වීමක් ලද පළමු ශ්‍රී ලාංකික නාවික හමුදා නිලධාරීයා වන්නේද  වසන්ත කරන්නාගොඩ මහතාය.