ගුජරාටයෙන් නවදිල්ලියට


භාරතීය ජනතා පක්ෂ සන්ධානය, පාලක කොංග‍්‍රස් පක්ෂය අභිබවා අතිවිශිෂ්ට ජයක් හිමි කර ගන්නා ලකුණු පෙන්නුම් කිරීමත් සමඟ ඉන්දියාවේ මීළඟ අගමැති ධුරයට පත් වනු ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධුර අපේක්ෂය නරේන්ද්‍ර මොඩිය.

63 හැවිරිදි මෝඩි, ගුජරාට ප‍්‍රාන්තයේ මහ ඇමැති ලෙස 13 වසරක් පුරා ගුජරාටය ප‍්‍රාන්තය දියුණු කිරීමෙහිලා කැපී පෙනෙන සේවයක් ඉටු කළේ මෝඩිය.

මෝඩි ජාතික නායකත්වයකට සුදුසු යැයි භාරතීය ජනතා පක්ෂය තීරණය කළේ ද එහෙයිනි.

මෙවර මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂයට ශක්තියක් වූයේ මෝඩි බව කාටත් රහසක් නොවේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෝඩිගේ මාපියෝ බටහිර ගුජරාටයේ අඩු කුලයකට අයත් වූවෝය. මෝඩි දැඩි හින්දු ජාතික වාදියෙකි. මෝඩි ලාබාල වියේ දී යෝජිත විවාහයකට අනුව විවාහ වූ බව පැවැසුණි. මෝඩිගේ පෞද්ගලික ජීවිතය කාටත් රහසක් විය. කෙසේ නමුත් ඔහු පසුගියදා කියා සිටියේ 62 හැවිරිදි පාසල් ගුරුවරියක සමඟ තමන් විවාහ වුණු බවය.

ගුජරාටයේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිළීම සම්බන්ධයෙන් මෝඩිට චෝදනා එල්ල වී ඇත. ඒ, 2002 වසරේදීය. රටේ යහ පාලනනය ඇති කිරීම සහ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට මෝඩිගේ මැතිවරණ ඉලක්ක විය. මෝඩි අගමැති ධුරයේ දිවුරුම් දීම සහ නව රජයක් පිහිටුවීම ලබන 31 වැනිදා සිදුවනු ඇත.