ගීතාගේ මන්ත්‍රී ධුරය නීතියට පටහැනි බව තීන්දු වෙයි


(මනෝප්‍රිය ගුණසේකර)

ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිමට හැකියාවක් නොමැති බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (2) තහවුරු කළේය.

ද්විත්ව පුරවැසිභාවය දරන්නකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට ප්‍රදේශවාසීහු දෙදෙනක් ඉදිරිපත් කළ පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය මීට පෙර එය තහවුරු කළ අතර ඊට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කර  තිබු  අභියාචනය විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නිෂ්ප්‍රභා කළේය.