පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් පොලිස්පතිට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙයි.
පොලිසිය මේ ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් හා ආගමන විගමන පාලකගෙන් වාර්තා දෙකක් කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.

