ගීතාගේ අසුනට එන පියසේන ගමගේ ශ්‍රීලනිපය සමග බව කියයි


 (ඡායාරූප හා වීඩියෝ -  රොමේෂ් ධනුෂ්ක  සිල්වා)

ද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වන ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට සුදුසුකම් ලබා ඇති හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අද(2) එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය.

ඔහුගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ පාර්ලිමේන්තුවේදී නියෝජනය කරන්නේ ආණ්ඩු පක්ෂයද නැතහොත් ඒකාබද්ධ විපක්ෂයද යන්නයි. එයට පිළිතුරු දෙමින් පියසේන ගමගේ මහතා පැවසුවේ ‘‘මම තාම එහෙම කිසිම තීරණයක් අරන් නැහැ , මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේනේ , අනික මම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති. ඉතින් පක්ෂය ඉන්න තැන මම ඉන්නවා. එතනින් එහාට ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ‘‘ යනුවෙනි.