(සුජිත් හේවාජුලිගේ )
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් වලින් වූ විනාශය තක්සේරු කිරීම සඳහා විශේෂඥ කමිටු පහක් කමිටු 5ක් පත් කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. .
විවිධ ක්ෂේත්‍ර සහ අංශවලට සිදු වූ පාඩු හා අලාභ වෙන වෙනම තක්සේරු කිරීම සඳහා මෙම කමිටු පහ පත්කළ බව ද ඇමතිවරයා සඳහන් කරයි.
මෙයට අමතරව නෞකාව අයත් සමාගමෙන් වන්දි ලබා ගැනීමට අදාළ නීතිමය ක්‍රියාවලිය සඳහා නීතිපතිවරයාට සහය දැක්වීමට දමෙම කමිටු පහ ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.
මෙම කමිටු පහ සිය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත .
මේ අතර නෞකාවේ සුන්බුන්වලින් පරිසරයට සිදු වූ පාඩුව මිල කළ නොහැකි යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැවසීය .

