ගිලන් රථවලට අධිවේගය නොමිලේ


(යොහාන් භාසුර)

අධිවේගී මාර්ගවල ධාවනය කරන සියළුම ගිලන් රථ අද (20) සිට නැවත දැනුම් දෙනතුරු ගාස්තුවලින් නිදහස් කිරීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතා අධිවේගී මාර්ග පාලන බලධාරීන්ට ගිලන් රථවලින් ගාස්තු අය නොකරන ලෙස අද (20) පස්වරුවේ දැනුම් දුන්නේය.

අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමෙන් තොරව පාවිච්චි කළ හැක්කේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පමණක් බවත් ‘කොවිඩ්’ වයිරසය හේතුවෙන් මේ වන විට පවතින තත්වය සැලකිල්ලට ගෙන සියලුම ගිලන් රථ ගාස්තුවලින් නිදහස් කිරීමේ තීරණය කළ බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.