ගිරිබාව නගරයේ උද්ඝෝෂණයක්


 (නිහාල් ජයවීර )

තෙල් මිල හා බඩු මිල වහා අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරිමට සංවිධානය කළ උද්ඝෝෂණයක් ගිරිබාව නගරයේ දී අද (18) පැවැත් විය.

කළු කොඩි ඹසවාගෙන හා සටන් පාඨ ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් යතුරු පැදි පෙළපාලියකින් ගිරිබාව නගරයට පැමිණි උද්ඝෝෂකයෝ  බස් නැවතුම්පොළ අසළදි මේ උද්ඝෝෂණය පැවැත් වූහ .

"ජනතාව කබලෙන් ලිපට.බඩු මිල වහා අඩු කරනු." ජනතාවට සහන සලසනු."  "රුපියල් කෝටි 2000 තෙල් මිල පාලන අරමුදලට සිදු වු දේ වහා හෙළි කරකරනු ." "බොරු කතා එපා .බඩු මිල වහා අඩු කරනු ." "  නාඩගම් එපා .තෙල් මිල අඩු කරනු." ආදි සටන් පාඨ ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් පැය⁣ දෙකක පමණ කාලයක් මේ උද්ඝෝෂණය පැවැත් වූහ .

ජනතා විමුක්ති පෙරමුණ මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැදවුම්කරු නාමල් කරුණාරත්න ,ගිරිබාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී උපාලි ජයසිංහ ,ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී විජේරත්න බංඩාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටියහ.