ගිරිතලේ වැවේ මාළු අල්ලන්න ගිය අයෙක් අකුණු සැර වැදී මරුට


                                
 
ක.ග කරුණාරත්න
 
ගිරිතලේ වැවේ මසුන් ඇල්ලීමේ යෙදී සිටි පුද්ගලයකු ඇති වු වර්ෂාවත් සමඟ අකුණුසැර වැදීමකින් මිය ගිය බව මින්නේරිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගිරිතලේ පාර් 01 කණුව, අංක 45 ලිපිනයේ පදිංචිව සිටි සුබසිංහ කංකානම්ලාගේ කමල් (47) යන අයයි.

මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ජී.ඩී පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.