(අංජුල මහික වීරරත්න)
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජා.ජ.බ මැයි රැලියේදී පැවසීය.
ගාලු මුවදොර මෙච්චර ලස්සනට තිබිලා නෑ කවදාවත්. මේ මැයි දිනය අපේ අරගලය සමරන දිනයක් බවටත් පත්ව තිබෙනවා.මේ සෙනඟ දැක්කාම දෙසැම්බර් මාසේ, නොවැම්බර් මාසේ ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්න අයට මොනව හිතෙනවද දන්නෑ.අද ලෝකයේම ප්‍රගතිශීලී බලාපොරොත්තුව තිබෙන්නේ ලංකාව ගැනයි.
ඔබ දශක ගණනාවක් තිස්සේ කළ අරගලයක ප්‍රතිඵල අද අත් විඳිනවා.මෙහි රැස්ව සිටින්නේ අප රටේ ඉතිහාසය වෙනස් කළ පිරිසක්.මේ දශක ගණනාවක් තිස්සේ මොනතරම් මර්දනයකට ලක් වූ ව්‍යාපාරයක්ද? යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
කොළඹ ගෝල් පේස් පිටියේදී මෙම මැයි රැලිය පැවැත්විණි.