ගිය ආණ්ඩුවේ බැඳුම්කර මල්ලත් ලෙහයි


(රංජන් කස්තුරි)

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී සිදුවූ බැඳුම්කර නිකුත්කිරීම් සම්බන්ධයෙන්ද වෝහාරික විගණනයක් (නැවත සොයා බැලීමක්) සිදුකිරීමට මහබැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉකුත් 2008 වසරේ සිට 2014 වසර දක්වාවූ වසර 7 ක කාලය තුළ ශ්‍රී ලංකා මහබැංකුව මගින් බැඳුම්කර නිකුත් කිරීමේදී වංචාවක් හෝ වරදක් හෝ සිදුව ඇත්දැයි සොයා බැලීමට එම විගණනය සිදුකිරීමට නියමිතය.

මීට අමතරව 2016 වසරේ මාර්තු මාසයේ පැවැති භාණ්ඩාගාර නිකුතුව සම්බන්ධයෙන්ද වෝහාරික විගණන සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.