ගිනිමැල්ලගහ ඇත් පැටවා උසාවියට


ගෝනාපීනුවල බටහිර, ගිනිමැල්ලගහ ජයතිලකාරාම විහාරයේ පෙරහරට රුපියල් 1,20,000කට කුලියට ගත් පංචාලි ඇත් පැටවා අද (31) බද්දේගම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇත් පැටවාගේ බාරකරු විසින් ඉදිරිපත් කෙරුණු ලියවිලි පරස්පර නිසා එම පැටවා නීත්‍යනුකූල ඇතකු දැයි සැකයක් මතුවන බව වනජීවි නිලධරයෝ කියති.

හිටපු ජනපතිගේ උපදේශකයකුගේ සහෝදරයකුට අයත් බව කියන මෙම පැටවා කොර ගසමින් යනු දුටු පශු වෛද්‍යවරයකු බලධරයකුට දැන්වීමෙන් පසුව පරීක්ෂණ ඇරැඹිණි.

ලියවිල්ලේ ඇති වයසත් ඇත් පැටවාගේ වයසත් නොගැලපෙන බව වනජීවී නිලධරයෝ කියති. මහනුවර ඇසළ පෙරහර අවසන් වන්නටත් පෙර ගිනිමැල්ලගහ පෙරහරට ගෙන ගිය මේ පැටවා දැඩි වෙහෙසට පත්ව සිටි බවද කියති.