ගිනිමැල්ලගහ ඇත් පැටවා අල්ලන්න ගිහින් ‘ගින්නක්‘


ගෝනාපීනුවල බටහිර ගිනිමැල්ලගහ, ජයතිලකාරාම විහාරයේ පෙරහරට රැගෙන ගිය ‘පංචාලි‘ නමැති ඇත් පැටවකු වනජීවී නිලධරයෝ අද (30) හදිසියේ පිරික්සූහ.

මෙම ඇත් පැටවා මහනුවර පෙරහරටද සහභාගි කරවා ඇතැයිද දැනට පාර අයිනේ බැඳ දමා ඇතැයිද වනජීවි නිලධරයෝ පවසති.

පරීක්ෂා කළ ලියවිලි අනුව 2011.02.10 වන විට ඇත් පැටවාගේ වයස අවුරුදු 4 මාස 6 ක් වී ඇතත් වනජීවී කාර්යාල තොරතුරු අනුව පසුගිය වසර 10ක කාලයක් තුළ එවැනි ඇත් පැටවකු උපත ලබා ඇති බවට සටහන්වී නැතැයි කියති.

මෙම ලියවිලිවල සඳහන් වයසට වඩා මෙම ඇත් පැටවාගේ වයස අඩු බව පෙනේ යැයිද ඔවුහු කියති.

මේ අතර උසාවි නියෝගය කඩ කරමින් ප්‍රවාහනය කළැයි කියන අලි පැටවකු ගැන මහනුවර පාරිසරික හා සංචාරක පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

Deepalele_20158301 Deepalele_20158302 Deepalele_20158303

ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා

(මහනුවර පොලිසියට පැමිණිල්ලක් ලැබුණු ඇත් පැටවා)

webeliphnt_2015830chamil1 webeliphnt_2015830chamil2

ඡායාරූප - චමිල් රූපසිංහ