ගිනිගත්හේන දියගල මාර්ගයේ රථ වාහන ගමනා ගමනය අවදානම්


රංජිත් රාජපක්ෂ                       

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ නායයාම් හා පස් කදු කඩා වැටීමේ අවදානම හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල හරහා රථ වාහන ගමනා ගමනය එක් මං තිරුවකට පමණක් සීමා වී තිබේ.
 
දියගල ප්‍රදේශය නායයාමේ අවදානම නිසා එම මාර්ගය මග හැර  විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන ධාවනය කරවන ලෙස අඹගමුව ප්‍රා‍දේශීය සභාව රියදුරන්ගෙන් ඉල්ලා සිටී. 
 
මේ අතර අද (24) කිතුල්ගල සිට හැටන් වටවල දක්වා ඝණ මිදුම් තත්ත්වයක් ඇති වීම නිසා රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.