ගිනිගත්හේන දියගල මාර්ගය තාවකාලිකව වහයි


රංජිත් රාජපක්ෂ
 
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදී  මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා අද (07) එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව නතර කළ බව ගිනිගත්හේන පොලිසීය  පැවසිය. 

 
නායාමේ අවධානමට ලක් වී ඇති හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ අවස්ථා කිහිපයකදීම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටීම හේතුනේ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව නතර කර තිබුණි.
 
දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කදු ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස ගිනිගත්හේන  පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක