රංජිත් රාජපක්ෂ
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (21) දහවල් 12 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිටි බව ගිනිගත්හේන පොලිසිය කියයි.
එම ස්ථානය නායයෑමේ අවදානම් ස්ථානයක් බව හඳුනා ගැනීමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් එම ස්ථානයේ නායයෑම වැළැක්වීම සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබෙන ස්ථානයකට මෙසේ පස් කන්ද කඩා වැටී තිබේ.
තව දුරටත් එම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ නායයෑමේ අවදානම වැඩි නිසා හැටන් කොළඹ ,හැටන් මහනුවර , හැටන් ගිනිගත්හේන , හැටන් ලක්ෂපාන යන ප්‍රදේශවලට ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.