ගිනිගත් නැවේ වගකිව යුත්තන්ට නඩු පවරන්නැයි පෙත්සමක්


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට වෙරළේ දී මුහුදුබත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට ඒරෙහිව නඩු පැවරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර විද්‍යා ඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ජෙරාන් ජෙගතිෂන් යන මහත්ම මහත්මීන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

මෙම සිද්ධියෙන් සිදුවූ සමුද්‍රීය පරිසර හානිය වැළැක්වීම සදහා පරිසර සංරක්ෂණ අරමුදලක් පිහිටුවීමට බලධාරීන්ට නියෝග කරන ලෙසද මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ‌ෙලස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ එහි සභාපති දර්ශනි ලහදපුර, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.

ඉකුත් මෙරට වෙරළේදී ගිනිගැනීමෙන් පසුව මුහුදුබත් වූ ඒක්සප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් 1486 ක් තිබී ඇත.ඒම බහාලුම් විවිධ වර්ගයේ රසායනියකයන් අඩංගු වී තිබිණි.ඒ අතර නයිට්‍රික් අසිඩ් , ලිහිසි තෙල් ආදියද තිබූ බවත් හෙළි වීණී.ඊට අමතරව ලැබී ඇති තොරතුරු අනුව මෙම යාත්‍රාව අවසාන මෙහෙයුමේදී රැගෙන ගිය බහාලුම් අඩකටම ලිතියම්-යකඩ බැටරි, ඊයම් ඉන්ගෝට්, තඹ, නයිට්‍රික් අම්ලය, ලිහිසි තෙල්, යූරියා, සෝඩියම් මෙතොක්සයිඩ්, ඇලුමිනියම් සැකසුම් අතුරු නිෂ්පාදන, සල්ෆර් ඇතුළු විවිධ රසායනික ද්‍රව්‍ය 42 ක් අඩංගු විය. සමහර නොදන්නා අකාබනික ද්‍රව්‍ය මෙන්ම බහාලුම් 439 ක් (බෑග් 46,960 ක්) එල්ඩීපීඊ සහ එච්ඩීපීඊ ප්ලාස්ටික් නූඩ්ල්ස් (ප්ලේට්ස්) සහ තවද, අවශ්‍ය ඉන්ධන සහ වෙනත් තෙල් වර්ග සාමාන්‍යයෙන් නෞකාවක ගෙන යන අතර තවත් මෙට්‍රික් ටොන් 300 බන්කර් තෙල් ද මෙම බහාලුම් වල තිබිණි.

මෙම සියලු විෂ රසායනික ද්‍රව්‍ය මේවන විට මෙරට මුහුදට එක්වී ඇත.මේ හේතුවෙන් සමුර්‍දීය පරිසර පද්ධතියත් , කොරල් පර පද්ධතියත් විනාශයට ලක් වෙමින් පවතී.ඊට අමතරව බිලියන 70 -75ත් අතර ප්‍රමාණයක් ප්ලාස්ටික අපද්‍රව්‍යයද මුහුදට එක්වී ඇත.මෙම සියලුම අපද්‍රව්‍ය සාගර ජීවීන් ගේ ජීවිත වලට විශාල තර්ජනයක් වී ඇත.

එබැවින් එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , මෙම සිද්ධියෙන් සිදුවූ සමුද්‍රීය පරිසර හානිය වැළැක්වීම සදහා සංරක්ෂණ අරමුදලක් පිහිටුවීමට නියෝග කරන ලෙසද , එම අරමුදල සමුද්‍රීය පරිසර ආරක්ෂා කිරීම වෙනුවෙන් යොදවනට ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද , මෙම සිද්ධියට වගකිව යුත්තන්ට නඩු පැවරීමට නියෝග කරන ලෙසද , පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.