(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා රේඩියෝ සංවාද සිදුකළබව කියන කොළඹ වරාය සත රේඩියෝ දත්ත සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (15) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
නෞකාවේ ඩී වී ආර් යන්ත්‍රයේ පරීක්ෂණ සිදුකරනවා සේම වරාය අධිකාරිය සතු රේඩියෝ දත්ත සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුකරන ලෙසට රහස් පොලීසියට නියම කරන්නැයි නෞකාවේ සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් කළ ඉල්ලිමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.
අධිකරණයෙන් ලබා දෙන නියෝග උල්ලංඝණය කරන පාර්ශ්වයන් සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත විමර්ශන ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට තවත් නියෝගයක් නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (15) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

