ගිනිකූර අයිෆල් කුළුන


(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)

රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා විසින් ගිනි කූරු 706900 ක් සහ ගම් කිලෝ 23 භාවිත කරමින් අවුරුදු අටක කාලයක් වැය කර නිර්මාණය කරන ලද අඩි 24 ක අයිෆල් කුළුණේ ආකෘතියට අවසානයේදී ගිනි කූරු වලින් සාදන ලද උසම නිර්මාණයට හිමි ගිනස් ලෝක වාර්තාව හිමිව ඇත.

රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා පැය 4000 ක කාලයක් වැය කරමින් අඩි 23.6 ක් උස මෙම අයිෆල් කුළුණේ ආකෘතිය නිර්මාණය කර තිබේ.නමුත් මෙම නිර්මාණය කිරීම සඳහා වෙළඳපොළේ මිලදී ගැනීමට නොමැති ගිනි කූරූ භාවිත කර තිබීම හේතුවෙන් මෙම නිර්මාණය ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට සුදුසුකම් නොමැති බව ගිනස් ලෝක වාර්තාව පසුගිය බදාදා ප්‍රකාශ කළේය.

නමුත් ඊයේ(09) ගිනස් ලෝක වාර්තාව එම තීරණය ආපසු හරවමින් ගිනි කූරු වලින් සාදන ලද උසම නිර්මාණයට හිමි ගිනස් ලෝක වාර්තාව මෙම නිර්මාණයට ලබා දීමට තීරණය කර ඇත.

මීට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කියා තිබුණේ තවුෆික් තහෙර් නැමැති පුද්ගලයකු ගිනිකූරු මිලියන 6 ක භාවිත කරමින් නිර්මාණය කරන ලද අඩි 21.4 ක් උස අයිෆල් කුළුණේ ආකෘතියකටය.