ගිනිඅවි-පතුරොම් සමඟ 5ක් අල්ලයි


( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ටි 56 අවියක් සහ හිස් පතුරොම් ගැබ් 2 ක් හා ගුවන් ගමන් බලපත්‍ර 08 ක් සමඟ පුද්ගලයන් පස් දෙනකු  අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.

ජනාධිපති මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක වෙත ලද ලිඛිත තොරතුරක් මත කොටුව පොලිසියේ ස්ථානයේ නිලධාරීන් ගිණි අවිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදමුණ,  මසුර් මවුලාන පාර නිවසක වැටලීමකදීය

කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි .