
(වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී. ලියනආරච්චි)
නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගත් , පැනමා රාජ්‍යට අයත් තෙල් නැවේ සිටි තුවාල ලැබූ පුද්ගලයෙකු නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට රැගෙන එනු ලැබීය.
සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 38 ක් දුරින් මුහුදේ ගමන් කරමින් තිබූ ලිහිසි තෙල් රැගෙත් නෞකාවක් අද (03) මෙලෙස ගිනි ගෙන තිබුණි.
නාවික හමුදාවට අයත් රණ රිසි නෞකාවෙන් තුවාල ලැබූ පුද්ගලයා කල්මුනේ නාවික මුහුදු තීරයට ගෙන එනු ලැබීය.
පසුව නාවික හමුදාවට අයත් බෝට්ටුවක් කල්මුනේ නාවික හමුදා කඳවුර අසලින් මුහුදට ගොස් රණ රිසි නැවේ සිටි තුවාලකරු ගොඩබිමට රැගෙන ආ බව නාවික හමුදාව පැවසීය.
පසුව 1990 ගිලන් රථයෙන් මෙම තුවාලකරු කල්මුනේ උතුර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබීය.
රෝගී පුද්ගලයා ගොඩබිමට රැගෙන එන අවස්ථාවේ නාවික හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ආරක්ෂිත ඇඳුම් සහ මුහුණු අවාරණ පැළඳ සිටි අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් එම ස්ථානයේ ක්‍රියාත්මක විය.






