ගිනි ගත් නැව නිරීක්ෂණයට සී.අයි.ඩි විශේෂ කණ්ඩායමක්


(ඉන්දිකා  රාමනායක)

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගිනි ගනිමින් පැවති  එක්ස්ප්‍රස්  පර්ල්  නෞකාව නිරීක්ෂණය සඳහා අද (4)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ම ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම කණ්ඩායම නාවික හමුදා සහයෙන්  නෞකාව නිරීක්ෂණය සඳහා ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.