ගිනි අවියක් හා ජීව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට


 

(දිලීප් ජයසේකර - අනීෂා මානගේ )


පුද්ගල ඝාතනයක් සදහා රැගෙන  විත් තිබු  මෙරට නිශ්පාධිත  ගිනි අවියක් හා ජිව උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු සුරියවැව බැද්දෙවැව  නුගේකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ නිළධාරීන් අද  (13)  පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 


මෙසෙල අත්අඩංගුවට පත්ව ඇත්තේ සුරියවැව බැද්දෙවැව නුගේකන්ද පදිංචි අයෙකි.


තංගල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට ලද තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ නිළධාරීන් විසින් නුගේ කන්ද ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ටී 56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවිය ඉනෙහි සඟවාගෙන නිවසින් බැහැරව යන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය වි ඇත්තේ පුද්ගල ඝාතනයක් සදහා මෙය රැගෙන විත් තිබු බවයි. අත්අඩංගුවට පත් මෙරට නිශ්පාධිත ගිනි අවිය, ජීව උණ්ඩ දෙක සමග සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා සුරියවැව පොලීසියට බාරදී තිබේ.


සැකකරුවන් අද (14) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.