ගිනි අවියක් සමඟ තුනක් සැකපිට


(ආර්.කෝගුලන්)

විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවන් තිදෙනකු වැලිමඩ දිවිතොටවෙල ප්‍රදේශයේ දී අද (9) අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය කියයි.

සැකකරුවන් ත්‍රිරෝද රථයකින් මෙම ගිනි අවිය සමඟ වැලිමඩ-බණ්ඩාරවෙල මාර්ගයේ ගමන් කරමින්  සිටියදී කරන ලද පරීක්ෂාවකදී මෙම ගිනි අවිය හමුවී තිබේ.

අදාළ ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.