ගිනි අවියක් සමඟ තිදෙනෙක් ගාල්ලෙන් අත්අඩංගුවට


(අමල්  වික්‍රමරත්න)
 
ගාල්ල සමුද්‍ර මාවතේ ජාකොටුවැල්ල ප්‍රදේශයේදී අද (19) අලුයම කරන ලද  සැක කටයුතු වාහන පරීක්ෂාවකදී මි.මි.9 උණ්ඩ යොදන රිවෝල්වරයක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

ඔවුන් පැමිණ තිබු කැබ් රථය බොරැල්ල ප්‍රදේශයෙන් කුලියට ගත එකක් යැයි අනාවරණය  වී ඇත.

ගාල්ල අගුළුගහ සර්වෝදය කන්ද පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු ළඟ තිබී මෙම රිවෝල්වරය සොයාගන්නා විට එහි උණ්ඩ 3 ක් ද තිබු බව පොලිසිය පවසයි.

සැකකරු කඩුවෙල ප්‍රදේශයේ ටයර් වෙළඳසැලක් පවත්වාගෙන යන අයකු බව හෙළීවී ඇත.

අත්අඩංගුවට පත් ඉතිරි දෙදෙනා ගාල්ල ගල්වඩුගොඩ ප්‍රදේශය සහ පැදිනෝරුව  යන ප්‍රදේශයන් හි පදිංචිකරුවෝ වෙති.