
( රවින්ද්‍ර ලියනගේ )
විදේශිය රටක නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ විශේෂිත උණ්ඩ යෙදිය හැකි ස්වංක්‍රිය ගිනි අවියක් සහ තියුණු කඩු දෙකක් සිය නිවසේ තබා ගෙන සිටි සැකකරුවෙක් තොඩුවාව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් බක්මිවලාගාර ප්‍රදේශයේදි අද (23) පෙරවරුවේදි අත් අඩංගුවට ගනු ලැබිය.
මෙසේ අත් අඩංගුවට ගත් සැකකරු 63 හැවිරිදි මහවැව බක්මිවලාගාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තොඩුවාව පෙලෙිසියට ලැබුණු තොරතුරක් අනුව 23 දා පෙරවරුවේ සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි සගවා තිබු ස්යංක්‍රිය ගිනි අවිය කඩු දෙක සොයා ගෙන ඇත.
එම ගිනි අවිය විශේෂිත උණ්ඩ යෙදිය හැකි කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් බවත් එය අනවසර එකක් බවත් පොලිසිය කියයි.
සැකකරු මෙම ගිනි අවිය හා කඩු දෙක කිසියම් අපරාධයක් සදහා යොදා ගත්තේද නැතිනම් කුමන හේතුවක් මත ගිනි අවිය හා කඩු දෙක තබාගෙන සිටියේද යන්න විමර්ශණයක් පවත්වන බව පොලිසිය කියයි.

