ගිනි අවි නිපදවූ පිය පුතු අත් අඩංගුවේ


වතුගෙදර, පැටිවත්තේ කාලයක් තිස්සේ පවත්වා ගෙන ගියේ යැයි කියන ගිනි අවි නිපදවීමේ කම්හලක් වැටලූ අම්බලන්ගොඩ පොලීසිය මිලි මීටර් 9 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වරයක් ද, ජීව උණ්ඩ තුනක් සහ ගිනි අවි නිපදවීමට ගන්නා අමතරකොටස් කීපයක් සමග පිය පුතු දෙදෙනකු සැක පිට අද (23) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අම්බලන්ගොඩ පොලිස් විශේෂ කාර්යාංශයේ තොරතුරු මත 19 හැවිරිදි තරුණයකු අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරය සහ ජීව උණ්ඩ තුන හමුවූ බවත් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී සිය පියා විසින් මෙම ගිනි අවිය නිෂ්පාදනය කළ බවත් ඔහු පොලීසියට පවසා ඇතැයි කියති.