
(ජේ.කේ.එල්. චාමින්ද)
බලපත්‍ර නොමැති බෙහෙත් කොටන තුවක්කු 02 ක් , පතොරම් තුවක්කුවක් , ජීව උණ්ඩ 02ක් , හිස් පතරොම් කොපු 02ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (28) අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වතොගය හා ඇල්ලඉහල ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
ඇල්ලඉහළ හා වතොගල යන ප්‍රදේශවලදී මෙම ගිනි අවි සමඟ සැකකරුවත් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
යක්කලමුල්ල පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කරණු ලැබීය.

