ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ  උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

අත්අඩංගුවට සැකකරුවන් තිදෙනා ඥාතීන් බව පොලිසිය කියයි.

එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2යි ගෑම් 500 ක් , හොරෙයින් මත්ද්‍රව්‍ය ගෑම් 400 ක් ටි 56 උන්ඩ 10 ක්, නයින් එම් එම් වර්ගයේ පිස්තෝලවලට යොදන උණ්ඩ 15 ක්, රිවොල්වර ගිනි අවිවලට යොදන උණ්ඩ 25 ක්, ගුවන් යානා නාශක උණ්ඩ 25 හා මැගසිනයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

විදේශ ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයකට සහ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් කීප දෙනකු මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව  එම නිවස වැටලූ බව පොලිසිය කියයි.

එම නිවස තුළ සිටි පුද්ගලයන් තිදෙනකුට අත්අඩංගුවට ගත් අතර නිවසේ කාමරයක සඟවා තිබූ මත්ද්‍රව්‍ය සහ ජීව උණ්ඩ තොගය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.