මීගමුව බස් නැවතුම ඉදිරිපට ඇති පෞද්ගලික පරිගණක පාසලක් පවත්වාගෙන යන සිව් මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් එහි තිබූ සියලුම පරිගණක ඇති ද දේ විනාශ වී ඇතැයි මීගමුව පොලිසිය කියයි. මිගමුව නගර සභා ගිනි නිවන ඒකකය හා පොලිසිය එක් ව පැය දෙකකට පමණ පසු ගින්න නිවා දැමුවේය.



