ගින්නකින් පන්නල ඇඟළුම්හළක් විනාශයි


 (හේමලතා ඞී. හේවගේ )                                        
 
පන්නල-ඉරබඩගම පිහිටි අපනයන ඇඟඵම් කර්මාන්තශාලාවක අද(14) අලුයම ඇතිවූ ගින්නකින්  කර්මාන්තශාලාවට දැඩි හානි ඇතැයි පොලීසිය කියයි.

සේවක සේවිකාවන් 3000 කට අධික සංඛ්‍යාවක සේවය කරන මෙම කර්මාන්තශාලාවේ ගබඩා සංකීර්ණයෙන් ඇති වූ ඇති ගින්න කාර්ය්‍යාල ගොඩනැගිල්ල සහ ඇඳුම් මැසීමේ අංශය තෙක් පැතිරගොස් ඇත.

ගින්නෙන් ගොඩනැගිලි සහ දේපල රැසකට අලාභහානියක් සිදුව ඇතිබවද පොලීසිය පවසයි.   

ගින්න පැතිරීගොස් පැය තුනකට ආසන්න කාලයක් ගතවුවත් ගිනි නිවන රථ නොපැමිණීම නිසා විශාල ලෙස ගින්න පැතිරීගිය බව ප‍්‍රදේශවාසීහු පවසති.

ගින්නෙන් කෝටි ගණනක අලාභහානියක් කර්මාන්තශාලාවට සිදු වී ඇති බවද පොලීසිය කියයි.
 
 මීගමුව සහ කුරුණෑගලින් පැමිණි ගිනි නිවන රථ කණ්ඩායම, ප‍්‍රදේශවාසීහු සමග එක්ව ගින්න මැඩපැවැත්වූහ.