ගින්න නිවන්න ගිය පුද්ගලයා ජල බවුසරයට බිලි


(කාංචන කුමාර ආරියදාස)

කොරෝනා වයිරසය වැළදීමෙන් නිරෝධායනයට ලක්වූ පිරිසක් සිටින ලග්ගල වැල්ලලේවල   ප්‍රදේශයේ වෙළඳසසැලක ඇති වූ ගින්නක් නිවීමට  ගිය පුද්ගලයෙකු ගින්න නිවීම සඳහා පැමිණි ජල බවුසරයට යට වී මියගොස් ඇතැයි ලග්ගල පල්ලේගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගින්න හටගත් වෙළඳසැල ආසන්නයේම නිවසක පදිංචි බි. ආර්.සිසිර කුමාර ( 48 ) හැවිරිදි එක්දරු පියකු බව පොලිසිය  පවසයි.

ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ වැල්ලේවල නගරයේ පිහිටි තොග වෙළඳසැල  පෙරේදා (16 )  රාත්‍රියේ ගින්නක්  හටගෙන ඇති බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් මෙන්ම ප්‍රදේශ්වාසීන්ද ද එම ස්ථානයට ගොස් තිබේ.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මෙම ගින්න නිවා දැමීම සඳහා ප්‍රදේශයේ පෞද්ගලික ජල බවුසර්  කිහිපයක්ද  එම ස්ථානයේ  ගෙනැවිත් ගින්න පාලනය කරමින් සිටියදී වෙළඳසැලක යාබද තවත් පටු මාර්ගයකින්  බවුසරයක්  පැමිණ ගින්න නිවීම සඳහා උත්සාහ  කරමින් සිටියදී රථය ඉදිරියට ධාවනය වන අවස්ථාවේදී ඊට යට වී මෙම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගිය අයගේ ඥාතීන් කියා සිටියේ රාත්‍රී ආහාරය ලබාගැනීම සඳහා සූදානම් වෙද්දී  අසල්වැසියකුගේ වෙළඳසැල ගිනි ගන්නා බවට ලද තොරතුරු මට බත් පතද එහි දමා ගින්න නිවීම සඳහා උදවු කිරීමට මෙම පුද්ගලයා දිව ගිය බවය.

 මෙලෙස දින කිපයක සිට නිරෝධායනයට ලක්ව වෙළඳසැල වසා තිබුණු බවත් රාත්‍රී 8 පමණ එකවරම වෙළඳසැල ඇතුලෙන් ගින්න හටගෙන ඇතැයි ලග්ගල පොලිසිය කියයි

වෙළඳසැල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විශාල පාඩුවක් සිදු වී තිබෙන බවත් ගින්නට හේතුව සහ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව ලග්ගල  පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

  අනතුර සිදු වූ බවුසරය පැදවු   පුද්ගලයා  පොලිස් බාරයට ගෙන තිබේ. අනතුරින් මියගිය පුද්ගලයාගේ දේහය ලග්ගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්  කර තිබේ.