ගින්දර වතුර නොදත් දරුවා ගින්දරින් පුළුස්සයි


හපුතලේ තංගමලේවත්තේදී පහරදී ගිනි පෙනෙල්ලකින් පිළිස්සීමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ සිවු හැවිරිදි දරුවකු අද අලූයම මියගිය බව රෝහල් ආරංචි කියයි. හපුතලේ තංගමලේවත්ත ග්ලැනෝර්හි එස්. පුවනේෂ්වරම් (4) මිය ගියේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ සුළු පියා බව කියන තැනැත්තෙක් රිමාන්ඞ් කරනු ලැබ සිටී. මියගිය දරුවාගේ මව, 11 හැවිරිදි සහෝදරිය සහ දෙහැවිරිදි නැගණිය පහර කෑමට ලක්ව බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබති. මියගිය දරුවාගේ අත් බිඳී තිබූ බවත් සිරුර සහ රහසඟ ගිනි පෙනෙල්ලකින් පුළුස්සා තිබුණ බවත් පොලිසිය කියයි.