ගයාන් අමරසේකර
ලොව විශාලතම කෘතීම නත්තල් ගස නිර්මාණය කරමින් තැබු ගිනස් වාර්තාවේ පිරිනැමීම කොළඹ අරලියගහ මන්දිරයේදී අද (13) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වන ලදි.
ඉකුත් වසරේ නත්තල නිමිත්තෙන් අඩි 236 ක් උසැති මෙම නත්තල් ගස කොළඹ ගාලු මුවදොර පිටියේදී ඉදි කෙරිණි.
මෙම නත්තල් ගස ඉදි කිරිම සඳහා මූලික වී කටයුතු කළ එවකට වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුන රණතුංග මහතා එම ගිනස් වාර්තාව සඳහා ලද සහතිකය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්විය.




