
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පිළියන්දල මාවිත්තර කනත්ත පාරේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ගිණිකෙළි නිෂ්පාදන ආයතනයක අද (31) දා උදෑසන හටගත් ගින්නකින් එහි හිමිකරු හා ඔහුගේ දරුවන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.
ගින්නෙන් නිවසේ තිබූ ගෘහ භාණ්ඩ වලට යතුරුපැදියකට හා ගිණිකෙළි නිෂ්පාදන අමුද්‍රව්‍ය සියල්ලටම හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
මෙම නිවසේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි ආශ්‍රිත නිෂ්පාදන සිදුකර ඇති අතර මෙම වසර අවසාන දිනය වන 31 දා අදාල ගිනිකලි වෙළඳපොළට රැගෙන යාම සඳහා උදෑසන 07 පමණ ලහි ලහියේ අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටියදී එක් වරම ඇතිවූ ගින්නකින් පිපිරුමකුත් සමග මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය පවසයි .
තුවාල ලැබූවෝ කලුබෝවිල රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි.

