ගිංතොට ගැටුමින් දේපළ හානි වූ 126කට වන්දි


සිරංගිකා ලොකුකරවිට

ගාල්ල ගිංතොට ඇතිවූ සිංහල හා මුස්ලිම් ගැටුමින් දේපළ හානි වූ පුද්ගලයන් 126 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 38ක වන්දි මුදල් ප්‍රධානය කිරීම අද (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුකෙරිණි.

ගිංතොට සහිරා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් විදුහල්පති නිල නිවස, තෙමහල් ගරු නිවාස සංකීර්ණය හා දෙමහල් උපදේශන ඒකකය ද අග්‍රාමත්‍යවරයා විසින් විවෘත කළ අතර විශේෂ අධ්‍යාපන ඒකකයක් සඳහා ද මුල්ගල් තැබිණි. මෙම ඉදිකිරීම් සඳහා රජය වෙන්කළ මුදල රුපියල් ලක්ෂ 820කි.

https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif